You are here: Home About Us School Anthem

School Anthem

E-mail Print PDF
ශ්‍රී ලංකා අඹරේහී
දින දින ජයකොඩි නංවා..

ආනන්ද බාලිකා අපගේ ශ්‍රී
විදුහල් මාතා රම්‍යා..
සොඳසේ දැල්වූ පහනක සලකුණ
දරමින අතත දීපා විහරථ
පාඨය ලෙස ගෙන පෙරට තබමු පා
ජය වේ..!! ජය වේ..!! ජය ජය වේ..!!

ශ්‍රී ලංකා...

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා
නිවාස නාමා අනුරුත් වන සේ
යහගුණ වඩමින් පෙරට තබමු පා
ජය වේ..!! ජය වේ..!! ජය ජය වේ..!!

ශ්‍රී ලංකා...
භේද දුරැරදා සාමය පතුරා
ගුණ නැණ වඩවා ලක්මව සනසමු
බියගුළුකම් හැර පෙරට තබමු පා
ජය වේ..!! ජය වේ..!! ජය ජය වේ..!!

ශ්‍රී ලංකා අඹරේහී ..

විදුහල ශ්‍රී නම සමරමු නිතරා
ගත සිත රට දැය සමයට කැපකර
ජාතික එඩියෙන් පෙරට තබමු පා
ජය වේ..!! ජය වේ..!! ජය ජය වේ..!!

ශ්‍රී ලංකා...